සිංගර් කුසලාන වයස 19න් පහල පළමු කොටසේ දෙදින තරඟාවලිය 2019/20 – පුර්ව අර්ධ අවසන් පුර්ව වටය
සිංගර් කුසලාන වයස 19න් පහල දෙදින තරඟාවලියේ පුර්ව අර්ධ අවසන් පුර්ව වටයේ තරඟවලින් අද (25) දිනයේ ජය ලැබීමට කොළඹ නාලන්දා විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය සමත් වුනා.
කොළඹ නාලන්දා විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය
මෙම තරඟය පැවතියේ කොළඹ නාලන්දා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදීයි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ නාලන්දා විද්‍යාලීය නායක අවිශ්ක පෙරේරා පළමුව පන්දුවට පහරදීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරාධනය කළා. ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පන්දුවාර 70කදී සියළුදෙනා දැවී ලකුණු 225ක් ලබා ගත්තා. ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස දුනිත් ජයතුංග ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුනා. කඩුළු රකින ක්‍රීඩක සුකිත ප්‍රසන්න ලකුණු 48ක් ලබා ගැනීමට සමත් වුනා. ඉඳුවර ද අල්විස් ලකුණු 38ක් ද බිහඟ මෙන්ඩිස් ලකුණු 21ක් ද ලබා ගනිමින් සෙබස්තියන් විද්‍යාලයේ ලකුණු ගණන ඉහළ දැමීමට සමත් වුනා. පන්දු යැවීමේදී රවීන් ද සිල්වා කඩුළු 5ක් දවාගත් අතර මහීම වීරකෝන් කඩුළු 3ක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල කොළඹ නාලන්දා විද්‍යාලය පන්දුවාර 90.2 කදී සියළුදෙනා දැවී ලකුණු 305ක් ලබා ගත්තා. මෙහිදී නාලන්දා විද්‍යාලයේ නායක අවිශ්ක පෙරේරා නායකත්වයේ ඉණිමක් දියත් කරමින් ලකුණු 117ක් රැස් කිරීමට සමත් වුනා. මැද පෙළ පිතිකරු රවීන් ද සිල්වා ද හොඳින් පන්දුවට පහරදෙමින් ලකුණු ලකුණු 88ක් ද ආරම්භක පිතිකරු රනිඳු ද සිල්වා ලකුණු 54ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේදී නදීර ප්‍රනාන්දු කඩුළු 6ක් බිඳ හෙලීමට සමත් වුනා. ඉඳුවර ද අල්විස් කඩුළු 2ක් දවාගත්තා.
ලකුණු 80ක් පසුපසින් සිට සිය දෙවන ඉණිම ඇරඹු ශාන්ත සෙබස්තියන් විද්‍යාලය තරඟය නතර කරනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 108ක් ලබා සිටියා. දෙවන ඉණිමේ ද සාර්ථක පිතිහරඹයක් දියත් කල දුනිත් ජයතුංග නොදැවී ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනා. සුකිත ප්‍රසන්න නොදැවී ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුනා.
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 225 (70)
දුනිත් ජයතුංග 59, සුකිත ප්‍රසන්න 48, ඉඳුවර ද අල්විස් 38, බිහඟ මෙන්ඩිස් 21, රවීන් ද සිල්වා 5/68, මහීම වීරකෝන් 3/15
කොළඹ නාලන්දා විද්‍යාලය 305 (90.2)
අවිශ්ක පෙරේරා 117, රවීන් ද සිල්වා 88, රනිදු ද සිල්වා 54, නදීර ප්‍රනාන්දු 6/49, ඉඳුවර ද අල්විස් 2/51
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 108/1 (22)
දුනිත් ජයතුංග 74*, සුකිත ප්‍රසන්න 23*
තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය. (නාලන්දාවට පළමු ඉනිමේ ජය )
…………………………………………………………………………………………………………………………………………………………………………………..
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කඳාන දි මැසිනොද් විද්‍යාලය
මෙම තරඟය පැවැත්වුණේ මහනුවර අස්ගිරිය ක්‍රීඩා පිටියේදීයි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ත්‍රිත්ව විද්‍යාලීය නායක රුවින් පීරිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ත්‍රිත්ව විද්‍යාලයේ මැද පෙළ පිතිකරු රනුද සෝමරත්න ලකුණු 66ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ෂේන් ගුණතිලක ලකුණු 65ක් වාර්තා කළා. නායක රුවින් පීරිස් ද ලකුණු 21ක් ලබා ගනිමින් ත්‍රිත්ව විද්‍යාලයේ ලකුණු ගණන ඉහළ දැමීමට දායක වුනා. පන්දු යැවීමේදී සෙනාෂ් ප්‍රනාන්දු කඩුළු 4ක් ද අසිත සිල්වා කඩුළු 3ක් ද සිතුම් ප්‍රනාන්දු කඩුළු 2ක් ද බිඳ හෙළුවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල කඳාන දි මැසිනොද් විද්‍යාලයට පන්දුවාර 70.1කදී සියළුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 174ක් පමණි. එහිදී දි මැසිනොද් විද්‍යාලය වෙනුවෙන් නිම්න ප්‍රනාන්දු ලකුණු 36ක් ද රුවින් ෆොන්සේකා ලකුණු 35ක් ද ලබා ගත්තා. සහන් කෝසල සහ අශේන් සිල්වා පිළිවෙලින් ලකුණු 25ක් සහ 22ක් බැගින් ලබා ගත්තා. පන්දු යැවීමේදී උවිඳු විමලධර්ම කඩුළු 5ක් ද අභිෂේක් ආනන්දකුමාර කඩුළු 3ක් ද බිඳ හෙළුවා.
ලකුණු 32ක සියුම් පළමු ඉණිමේ වාසියක් සහිතව සිය දෙවන ඉණිම ඇරඹු ත්‍රිත්ව විද්‍යාලය තරඟය නතර කරනවිට පන්දුවාර 46කදී කඩුළු 9ක් දැවී ලකුණු 137ක් ලබා සිටියා. ත්‍රිත්ව විද්‍යාලීය දෙවන ඉනිමේදී අභිෂේක් ආනන්දකුමාර ලකුණු 46ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභියා බවට පත් වුනා. ශේන් ගුණතිලක ලකුණු 23ක් ද දීමන්ත බණ්ඩාර නොදැවී ලකුණු 21ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේදී සිතුම් ප්‍රනාන්දු කඩුළු 4ක් ද සෙනාෂ් ප්‍රනාන්දු සහ අසිත සිල්වා කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 206 (56.2)
රනුද සෝමරත්න 66, ශේන් ගුණතිලක 65, රුවින් පීරිස් 21, සෙනාශ් ප්‍රනාන්දු 4/55, අසිත සිල්වා 3/53, සිතුම් ප්‍රනාන්දු 2/23
කඳාන දි මැසිනොද් විද්‍යාලය 174 (70.1)
නිම්න ප්‍රනාන්දු 36, රුවින් ෆොන්සේකා 35, සහන් කෝසල 25, අශේන් සිල්වා 22, උවිඳු විමලධර්ම 5/29, අභිෂේක් ආනන්දකුමාර් 3/46
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 137/9 (46)
අභිෂේක් ආනන්දකුමාර් 46, ශේන් ගුණතිලක 23, දීමන්ත බණ්ඩාර 21*, සිතුම් ප්‍රනාන්දු 4/54, අසිත සිල්වා 2/24, සෙනාශ් ප්‍රනාන්දු 2/38
තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.(ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජය )
……………………………………………………………………………………………………………………………………………………………………………………..
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය
මෙම තරඟය පැවැත්වුණේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදීයි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ගුරුකුල විද්‍යාලීය නායක ප්‍රවීන් නිමේෂ් පළමුව පන්දුවට පහරදීමට ශාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනය කළා. ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 109.3කදී කඩුළු 9ක් දැවී ලකුණු 322ක් ලබා සිටියදී සිය ඉණිම අත්හිටුවීමට තීරණය කළා. ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ශලින් ද මෙල් ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වුනා. වේග පන්දු යවන ක්‍රීඩක යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමට සමත්වුණු අතර ඩිල්මින් රත්නායක ලකුණු 48ක් ලබා ගත්තා. මැද පෙළ පිතිකරුවන් වූ රයන් ප්‍රනාන්දු ලකුණු 37ක් ද නායක තෙවින් ඊරියගම ලකුණු 29ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේදී රිෂිත සංකල්ප කඩුළු 3ක් ද තුෂාර මදුශාන් කඩුළු 2ක් ද බිඳ හෙළුවා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ගුරුකුල විද්‍යාලය තරඟය නතර කරනවිට කඩුළු 6ක් දැවී ලකුණු 228ක් ලබා සිටියා. ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ ප්‍රවීන් නිමේෂ් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තා. සිතිජ චමෝද් ලකුණු 38ක් ද දිලිප් චාමර නොදැවී ලකුණු 33ක් ද ලබා ගැනීමට සමත් වුනා. පන්දු යැවීමේදී දිරෙන් ද සිල්වා කඩුළු 3ක් බිඳ හෙළුවා.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය 322/9d (109.3)
ෂලින් ද මෙල් 71, යසිරු රොද්‍රිගෝ 50*, දිල්මින් රත්නායක 48, රයන් ප්‍රනාන්දු 37, තෙවින් ඊරියගම 29, කිෂාන් මුණසිංහ 22, මනීෂ රූපසිංහ 20, රිෂිත සංකල්ප 3/51, තුෂාර මදුෂාන් 2/48
ගුරුකුල විද්‍යාලය 228/6 (78)
ප්‍රවීන් නිමේෂ් 72*, සිතිජ චමෝද් 38, දිලිප් චාමර 33*, රශ්මික් මෙවන් 28, ලික්ශාන් සසංග 25, දිරේන් ද සිල්වා 3/72
තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය (ප්‍රසාද ලකුණු අනුව ගුරුකුල විද්‍යාලයට ජය )