LPL පාවාදීම ගැන සචිත්‍ර කට උත්තර දෙයි

265

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලසුමක් පිළිබඳව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද පෙරවරු 10 ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ඇත.

තරග පාවාදීමේ සැලසුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සචිත්‍ර සේනානායක ඊයේ දිනයේදී ඇප අයැදුම්පතක් ද අධිකරණයට ඉදිරිපත් කළ නමුත් එම ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කර තිබිණ.