LPL තරගාවලියේ ඉතාමත් තීරණාත්මක් තරග දෙකක් අද

ByPasindu

Dec 21, 2022

අද (21) සිට තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තරග ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගය හෙට පැවැත්වෙන්නේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමගයි.

එම තරගය හෙට පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදීයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

මේ අතර එම තරගයෙන් අනතුරුව Eliminator තරගය හෙට රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතයි.

ඒ කලමුබ් ස්ටාර්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇත.

ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයින් පවසන්නේ හෙට දිනයේ පෑවැත්වීමට නියමිත තරග ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි.