LPL කියන්නේ ක්‍රිකට් කානිවල් එකක් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු මෙන්ම තේරීම් කමිටු සභාපති අසන්තා ද මේල් මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරු TV ඔස්සේ විකාශය වන සලකුණ වැඩසටහනට එක්වෙමින්.
එම තරඟාවලියේදී අලුයම පාටි දැමූ බවත් එහි කිසිදු ක්‍රිකට් එකක් නොතිබූ බවත් ඔහු එම වැඩසටහනේදී ප්‍රකාශ කළා.
මේ අතර LPL තරඟාවලියේදී කණ්ඩායමකට එක්වන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව කිසිදු තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඒ අනුව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව නිසි අයුරින් පවත්වාගෙන යාමට නොහැකි වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය කඩාවැටීමට හේතුවූ බවයි හිටපු තේරීම් කමිටුවේ සභාපති අසන්තාද මේල් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.