අයහපත් හැසිරීමේ බිග් බෑෂ් ක්‍රීඩකයෙක් තරගාවලියෙන් නෙරපා දමයි.

ByPasindu

Dec 24, 2022

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් 20/20 තරගාවලියට සහභාගී වෙමින් සිටි සුපිරි වේග පන්දු යවන්නෙක් වන ඇෆ්ගනිස්තාන ෆසාල්හක් ෆාරූකිව එම තරගාවලියෙන් නෙරපීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

අයහපත් හැසිරීමේ සිද්ධියක් මුල්කර ගෙන එසේ තරගාවලියෙන් නෙරපා හැරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.