මාස දෙකක් ගත වුනත් මැතිව්ස්ට තවමත් උත්තරයක් නැහැ

ByPasindu

Dec 2, 2022

ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව මාස 2කට පෙර තේරීම් කමිටුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියද එම අවස්ථාව මේ දක්වා නොලැබීම නිසා ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට අදාල ක්‍රීඩකයා සූදානම් වන බව දැනගන්නට තිබේ.

දස්කම් අතර සිටියදී තමන් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවෙන් කරුණු පැහැදිලි කිරීම් ගැනීම සඳහා මාස දෙකකට පමණ පෙර අවස්ථාවක් ඉල්ලා සිටිය ද මේ දක්වා ඔහු අවස්ථාව ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කිරීමට ඔහු අදහස් කර ඇති බවත් ඉතාමත් විශ්වාසදායක කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ට සේවයක් කර ඇති ඇන්ජලෝ මැතිව්ස් මහතා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් විවේක ගැන්වීමෙන් පසුව සුව අතට පත්වුවද ඔහුව සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව කටයුතු කර නොමැත.

source – Lankadeepa