ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ද පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යාමට ඉන්දීය මැදපෙල පිතිකරු සූර්යකුමාර් යාදව්ට අද සිදු වුණා.
චෙන්නායි හී දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 269 ක් රැස් කළා.
මිචෙල් මාෂ් ලකුණු 47 ක්,ඇලෙක්ස් කෙරී ලකුණු 38 ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 33 ක් රැස් කළා. පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා හා කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉන්දීය ඉනිමේ අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි සූර්යකුමාර් යාදෙව් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට සමත් වුණේ ඇෂ්ටන් ඒගාර්.
ඒගාර් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි සූර්යකුමාර් දැවී ගියේ එත් සමග පළමු පන්දුවෙන් තරග තුනකදි ලකුණු නොලබා දැවිගිය ලොව පළමු ක්‍රීඩකයා බවට පත් විය.
පළමු එක්දින තරගයේ දී හා දෙවැනි එක්දින තරගයේ දී මිචෙල් ස්ටක්ගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් ඔහු දැවී ගිය අතර, එම තරග දෙකේ දී ද ඔහු දැවී ගියේ මුහුණ දුන් පළමුවෙන්මයි.