ක්‍රිකට් ලෝකය ආක්‍රමණය කිරීමට සැරසෙන ඇමරිකාවෙන් අලුත්ම වෙනසක්

ByPasindu

Mar 22, 2023

ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

එහිදී විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට DC Freedom කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වී තිබීමයි.

ඔහුට අමතරව, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය Seattle Orcas , ඇන්ජලෝ පෙරේරා Seattle Orcas කණ්ඩායම සඳහාත් ලහිරු මිලන්ත Team Texas කණ්ඩායම සඳහාත් තෝරාගෙන තිබෙනවා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගී වන අතර Team Texas, Los Angeles Knight Riders, MI New York, San Francisco Unicorns, Seattle Orcas and Washington Freedom යන කණ්ඩායම් ශුරතාවය වෙනුවෙන් තරඟ වදිනු ලබන අතර මෙම තරගාවලිය 2023 වසරේ ජූලි 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.