ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ හැසිරීම පිළිබඳව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට සැර ලිපියක් යොමු කර තිබේ.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා අදාල ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවත් චාමික සම්බන්ධ සියලුම සිද්ධීන් එම ලිපියේ සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් එම සිද්ධි සම්බන්ධයෙන් ඔහුට දඩුවම් පනවා ඇති බැවින් විටින් විට ඒ සම්බන්ධයෙන් විමසීමෙන් ක්‍රීඩකයාගේ අනාගතයට හානියක් වන බව ද වික්‍රමසිංහ මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.