රටම ආදරය කරන සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙක් යුගදිවියට

ByPasindu

Nov 28, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩයින් තිදෙනෙක් අද (28) යුගදිවියට පිවිස තිබේ.

එලෙස යුගදිවියට පිවිස ඇත්තේ, කසුන් රජිත, චරිත් අසංක සහ පැතුම් නිශ්ශංක යන ක්‍රීඩකයින්ය.

මංගල කටයුතු අද සිදුවුවත් මොවුන් තිදෙනාම මධුසමයට නොයා නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට අද දවසේ එක්විය යුතු බව ද වාර්තා වේ.

මේ අතර, සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රීකට් තරගය එළඹෙන බදාදා පැවැත්වීමට නියමිතය.

දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 60ක ජයක් හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වූ අතර දෙවන එක්දි තරගයට වාර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළේය.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 1-0 ලෙස ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් සිටී.