ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ByPasindu

Nov 25, 2022

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පැවැති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී මුළු ලකුණු 294ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිමිවූ ඉලක්කය ලකුණු 295කි.

නමුත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 234කට සීමා කළ ඇෆ්ගන් පන්දුයවන්නන් පළමු තරගයේ ජයග්‍රහණයේ සතුට ඇෆ්ගනිස්තානයට ලබා දුන්නේය.

පන්දුවාර 38ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 234ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 85ක් සහ වනිඳු හසරංග ලකුණු 66ක් ලබාගත්තේය.