ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයෙන් තමාව නිදහස් කරන ලෙස භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය තවමත් නිල වශයෙන් නිවේදනය කර නැහැ.
මේ අතර මේ වනවිට පැවැත්වෙන අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා භානුක රාජපක්ෂට අවසර ලබා නොදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.