ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලානය අතරතුර ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන් චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ සියළු ආකරයේ තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊට අමතරව චාමිකට ඇමෙරිකානු ඩොලර් 5000ක දඩයක්ද නියම කරන ලෙස ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කළ බවයි.
එමෙන්ම මින් ඉදිරියට කලහකාරී හැසිරීම් වල නිරත නොවන ලෙස චාමිකට දැඩි ලෙස අවවාද කළ යුතු බවටත් අදාල කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට දන්වා තිබෙනවා.
කෙසේවෙතත් අත්හිටවූ තරග තහනම පැනවූ කාලය තුළ චාමිකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කිසිම බාධාවක් නොවන බවද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.