පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නාට තවත් සැත්කමක්

ByPasindu

Nov 21, 2022

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි සැත්කමකට භාජනය කර තිබෙනවා.

ඔහුගේ උන්ඩක පුච්ච්යේ ඇතිව වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු සැත්කමකට භාජනය කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගිය ජුලි මාසයේදී ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරඟයක් අතර තුර අෆ්රිඩි දණහිසේ ආබාධයකට ලක්වුණා.

පසුව ඔහු එහිදී ද සැත්කමකට ලක් කිරීමෙන් පසු කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියා.

පසුව එම ආබාධය සුව වී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම සමඟ අෆ්රිඩි යළි එක් වූ අතර, එහිදී ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අතර මැද ඔහු පිටියෙන් ඉවත්ව ගියේ එම දණහිසේ ආබාධය යළි උත්සන්න වීම හේතුවෙන්.

කෙසේ වෙතත් සිදුකළ ස්කෑන් පරීක්ෂණයක දී දණහිසේ ආබාධය බරපතල නොවන බව සොයාගත් අතර, සති කිහිපයක කාලයක් විවේකීව පසුවන ලෙසට ඔහුට වෛද්‍ය උපදෙස් හිමව තිබුණා.

කෙසේ වෙතත් පසුව ඔහු සමාජ මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන් වෙනත් රෝගයකින් පීඩා විඳින බවයි.

උණ්ඩුක පුච්ඡයේ රෝගී තත්ත්වයකින් තමන් මෙලෙස පීඩා විඳින බව ඔහු එහිදී වැඩිදුටත් පවසා තිබුණා.

අනතුරුව සක්තමකට භාජනය කළ ඔහු, උණ්ඩුක පුච්ඡයේ සැත්කම හොඳින් සිදු වූ බවත් තමන්ට ඉක්මන් සුවය පතා යාඥා කරන ලෙසත් අෆ්රිඩි සිය රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටියා.