LANKA T10 එළිදකියි….

ByPasindu

Nov 20, 2022

LANKA T10 නමින් තරගාවලියක් 2023 වසරේ ජුනිමාසයේදී පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කළා.

ඒ කොළඹ පැවති විශේෂ උත්සවයකදි්‍යි.

පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම තරගාවලිය පැවැත්වෙන අතර ඒ අනුව පිරිමි කණ්ඩායම් 6ක් කාන්තා කණ්ඩායම් 4ක් මේ සඳහා එක්වනු ඇති.

එක් සංචිතයකට ජාත්‍යන්තර ක්‍රීඩකයින් 6ක් සහ දේශිය ක්‍රීඩකයින් 10ක් ඇතුළත් විය යුතුයි.

තරගාවලිය දින 12ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගාවලියද ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්ව සංවිධාන කරන්නේ Abu Dhabi T10 සංවිධාන කරන T Ten Sports Management සමාගමයි.