දසුන්ට 2023 IPL කණ්ඩායමක නායකත්වය ?

ByPasindu

Nov 20, 2022

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර,සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඔවුන්ගේ නායක කේන් විලියම්සන් නිදහස් කිරීමට පසුගිය සතියේ තීරණය කළා.

ඒ,අනුව කේන් විලියම්සන් වෙනුවට නායකයෙකු තෝරා ගැනීම හයිද්‍රාබාද් කණ්ඩායමේ මීළඟ අභියෝගය වී තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 මෙගා වෙන්දේසියට පෙර විලියම්සන් සන්රයිසස් හයිද්‍රාබාද් පිළේ ඉහළම ක්‍රීඩකයා බවට පත්ව සිටියා.

කෙසේ වෙතත්,මෙම වසරේ විලියම්සන් පිතිකරනයේ දී දැක්වූ දුර්වලතා හේතුවෙන් ඔහු එම සංචිතයෙන් නිදහස් කිරීමට ප්‍රධාන සාධකය වූ බවයි විචාරකයින් සඳහන් කළේ.

ඒ,අනුව සන්රයිසස් හයිද්‍රාබාද් නායකත්වය සඳහා තරග කිහිපයක දී එම කණ්ඩායම මෙහෙය වූ බුවනේෂ්වර් කුමාර්ට අමතරව දකුණු අප්‍රිකාවේ නායකත්වය දැරූ ඒඩ්න් මාක්‍රම්ට ද අවස්ථාවක් පවතිනවා.

කෙසේ වෙතත් මාක්‍රම් සහ බුවනේෂ්වර් කුමාර් ගෞරවනීය තේරීමක් වුව ද විස්සයි විස්ස පිටිය තුළ වැඩි නායක අත්දැකීම් සහිත නායකයෙකු තෝරා ගැනීම හයිද්‍රාබාද් කණ්ඩායමේ අරමුණ වී තිබෙනවා.

ඒ,අනුව අයි.පී.එල්.2023 වෙන්දේසියේ දී හයිද්‍රාබාද් නායකයා ලෙස ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්.

ඉන්දීය ක්‍රීඩක මායන්ක් අගර්වාල්,එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සහ ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක එම ක්‍රීඩකයින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.