20-20 ලෝක ශූරයින්ගේ සුපිරි තරුව මෙවර LPL තරග බිමට

ByPasindu

Nov 19, 2022

දෙසැම්බර් 06 වනදා ආරම්භ වීමට නියමිත 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මේ වනවිට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා.

මෙවර තරගාවලිය දෙසැම්බර් 06 සිට 23 දක්වා හම්බන්තොට, මහනුවර – පල්ලෙකැලේ සහ කොළඹ යන ස්ථාන තුනක දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන්බරහිර ඉන්දීය කොදෙව් දේශයට විස්සයි විස්ස ලෝක කුසලානය දීමට පෙරමුණ ගත් ප්‍රහාරාත්මකපිතිකරු කාලෝස් බ්‍රැත්වේට්, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බව වාර්තා වනවා.

එමෙන්ම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තුළ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් කැපී පෙනෙන ක්‍රීඩකයෙකු බවට පත් වූ සිම්බාබ්වේ ක්‍රීඩක ශිකන්ධර් රාසා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමඟ එක්වන බවයි තොරතුරු වාර්තා වුණේ.

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජිමී නීෂම් මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත බව සඳහන්.

මෙම ක්‍රීඩකයින්ට අමතරව තවත් සුපිරි විදෙස් ක්‍රීඩකයින් රැසක් මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වීමට නියමිත බවයි දන ගන්නට ලැබුණේ.