ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (ACB) 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. සියලුම එක්දින තරඟ ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් වන අතර නොවැම්බර් 25 සිට 30 දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිතය.
තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් සහ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහමඩ් එක්දින තරඟාවලියට යළි කැදවා තිබෙනවා. ඔවුන් දෙදෙනාම මේ වසරේ ජුනි මාසයේ සිම්බාබ්වේ සංචාරය කළ කණ්ඩායමට අයත් නොවීය.
“මෙම තරඟාවලිය සඳහා තේරීම් කමිටුව තරුණ මුහුණු කිහිපයක් ඇතුළත් කර ඇති අතර එය ලබන වසරේ ICC ක්‍රිකට් ලෝක කුසලානයට පිවිසීමට අපට හොඳ සලකුණකි. ලබන වසරේ පැවැත්වෙන මෙගා ඉසව්ව සඳහා අපගේ සුදුසුකම් අනුව මෙම තරඟ මාලාව අපට ඉතා වැදගත් වන අතර ඔවුන් පිටියට පිවිසෙන විට හොඳින් ක්‍රියා කිරීමට සංචිතයට ප්‍රමාණවත් ශක්තියක් ඇති බව මට විශ්වාසයි, ”ACB” ප්‍රධාන විධායක නිලධාරී නසීබ් ඛාන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා සංචාරය සඳහා වන ඇෆ්ගනිස්ථාන එක්දින සංචිතය