ධනංජය ද සිල්වා විස්සයි 20 පිටියේ ස්ථාන 70 ක් උඩට එයි

ByPasindu

Nov 18, 2022

පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණි ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ ධනංජය ද සිල්වා දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ, පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ මෙම ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන 70 ක් ඉදිරියට පැමිණීමට ධනංජය ද සිල්වාට හැකිවී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහු ලෝක කුසලාන තරඟ බිමේදී එක් කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 67 ක්.

ඒ අනුව ධනංජය ද සිල්වා නවතම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 30 වන ස්ථානයේ පසුවනවා. ඒ, ලෝක කුසලාන තරඟ බිමේදී ලකුණු 177 ක් සහ කඬුලු 6 ක් දවා ගැනීම හේතුවෙන්.

ලෝක කුසලාන තරඟාවලියෙන් පසු වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් එක්කරගෙන ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්. ඔහුගේ ප්‍රසාද කකදුණු සංඛ්‍යාවට අලුතින් එකතුවී ඇති ප්‍රසාද ලකුණු ගණන 279 ක්. ඒ අනුව ස්ථාන 59 ක් ඉදිරියට පැමිණෙමින් නවතම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 41 වන ස්ථානයේ බෙන් ස්ටොක් පසුවනවා.

නවතම ලේඛනයට අනුව වනිඳු හසරංග ලොව සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 07 වන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා