ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120ක් ලබාදෙයි.

ByPasindu

Nov 17, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 120ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. ඒ 2022 වසරේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකාව් සිදු කළ තරඟ සංචාරයේදී ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් උපයාගත් මුදලිනුයි. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මෙරට සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම ප්‍රදානය සිදු කර තිබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙවරෙහි කොටසක් ලෙස රටේ සියලුම ක්‍රීඩා ක්‍රියාකාරකම් දියුණු කිරීමට මෙම ප්‍රදානය සිදුකළ බව සඳහන්, මෙම ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින්ගේ මුල පිරීමක ප්‍රතිඵලයකි. මෙම අරමුදල් 2022 නොවැම්බර්3 වන දින ක්‍රීඩා හා යෞවන අමාත්‍යාංශය වෙත භාර දෙනු ලැබ තිබෙනවා.

මීට පෙර දලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 100 ක මුදලක් සහ 2022 එක්සත් රාජධානියේ බර්මින්හැම්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවට සහභාගී වීමට උපකාර කිරීම සඳහා තවත් රුපියල් මිලියන 22.5 ක මුදලක් පරිත්‍යාග කළ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් දැල්පන්දු කණ්ඩායමට සහ පුහුණුකරුවන්ට රුපියල් මිලියන 36ක මුදලක් ත්‍යාග කිරීමට කටයුතු කලා.

Source – SLC