කාන්තාවකට අ/තවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය ඇප ලබා දී තිබේ.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට නොවැ. 6 සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට එරට අධිකරණය පසුගිය දා ප්‍රතික්ෂේප කර තිබිණි.
අනතුරුව ඔහු දෙවන වරටත් ඇප ඉල්ලා තිබුණු අතර එය විභායට ගත් අවස්ථාවේදී සිඩ්නි අධිකරණය අද (නොවැ. 18) ඔහුට ඇප ලබා දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක (31) ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ නොවැ. 6 අලුයම් කාලයේදී ය.
සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේදී සිදු වූ බව කියන ලිං/ගික අ/තවරයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.