ශ‍්‍රී ලංකා කණ්ඩායම් නායිකාව කොරියාවේදී පලා යයි..

ByPasindu

Nov 14, 2022

දකුණු කොරියාවේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගිවීම සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව අතුරුදහන් වී තිබේ.

ඊයේ පැවති තරගයට සහභාගි වීමෙන් පසු කණ්ඩායම් නායකයා දුලානි පල්ලේකොන්ඩගේ මෙලෙස අතුරුදහන් වී ඇත.

මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකරු විසින් කොරියානු පොලීසියට දන්වා ඇති අතර පොලිසිය විසින් ඇය සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම තරඟාවලියට සහභාගී වූ ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම අද ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිතව ඇත.