මටත් ආයෙම ටීම් එකට එන්න ආසයි..! හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කියලා.

ByPasindu

Nov 13, 2022

හිටපු ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් යලි එක්දින සහ විස්සයි විස්සයි පිටියට එකතුවීමේ සූදානමක් ඇතැයි පසුගියදා වාර්තා වුනා.

මේ අතර ඔහු සම්බන්ධ මෙම පුවත වාර්තා වීමත් සමඟම දැනට ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින තවත් ක්‍රීඩකයෙකු පවසා ඇත්තේ කණ්ඩායමට අවශ්‍ය නම් තමන්ද යළිත් එකතු වීමට සූදානම් බවයි.

වේග පන්දු යවන්නෙකු මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙකුද වන ඔහු සම්බන්ධයෙන් දැනට ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.