T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා සඳුදා දිනයත් වෙන් කෙරේ

ByPasindu

Nov 11, 2022

එළඹෙන් 13වැනිදා 20-20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා වර්ෂාවෙන් බාධා එල්ලවීමේ 100%ක සම්භාවිතාවක් පවතින බව ඔස්ට්‍රේලියා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවල දැක්වෙනවා.

අවසන් මහා තරගයේ අතිරේක දිනයක් ලෙස එළඹෙන සඳුදා දිනය යොදා ගෙන ඇති අතර එදිනද 95%ක වර්ෂාපතනය ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පැවතීමද විශේෂත්වයක්.

අවසන් තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීම නම් කණ්ඩායම් දෙකම අවම වශයෙන් පන්දුවාර 10 බැගින් ක්‍රීඩා කර තිබිය යුතු අතර ඉරිදා දිනයේදී තරගය ආරම්භ වී වර්ෂාව නිසා යළි අත්හිටුවීමට සිදුවුවහොත් තරගය යළි සඳුදා දිනයේදී පන්දුවාර 20 තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.