එංගලන්තයට 169ක ඉලක්කයක්

ByPasindu

Nov 10, 2022

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ එංගලතයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස්කරගැනීමට සමත්විය.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ හර්දික් පාන්ඩ්‍යා පන්දු 33කදී ලකුණු 63ක් රැස්කර ගත්තේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.

එහිදී ආරක්ෂාකාරී ඉනිමක් ගොඩනගමින් විරාත් කෝලි ලකුණු 50ක් රැස්කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.

එසේම ඔහු විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ලකුණු 4000 සීමාව පසුකර ගියේය.

ඔහු එම සීමාව පසුකර ගිය ලොව පළමු ක්‍රීඩකයාය.

පන්දු යැවීමේදී Chris Jordan ලකුණු කට කඩුලු ක් දවාගැනීමට සමත්විය.