ශ්‍රී ලංකා – අයර්ලන්ත තරග කාල සටහනෙන් එක්දින තරග දෙක ඉවත් කරයි.

ByPasindu

Mar 14, 2023

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(14) නිවේදනය කළා.

සංචාරය ආරම්භ කරමින් අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් 9 වැනිදා දිවයිනට පැමිණෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම සංචාරය යටතේ එක් ටෙස්ට් තරගයක් හා එක්දින තරග 2ක් පැවැත්වීමට මීට පෙර නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, පසුව දෙරටේ ක්‍රිකට් ආයතන අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව එක්දින තරග දෙක ඉවත් කිරීමට තීරණය කර ඇති අතර, සංචාරයේ දී එක් ටෙස්ට් තරගයක් වෙනුවට ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

තරගාවලියේ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන්නේ අප්‍රේල් 24 වැනිදායි.