ශ්‍රී ලංකා – නවසිලන්ත එක්දින තරගාවලියට ප්‍රබල ක්‍රීඩකයින් රැසක් එක් නොවන ලකුණු

ByPasindu

Mar 14, 2023

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින බැවින් නිත්‍ය නායක කේන් විලියම්සන් මෙම තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන අතර, ඒ අනුව ටොම් ලේතම්ට එක්දින තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

විලියම්සන්ට අමතරව ටිම් සවුති, ඩෙවෝන් කොන්වේ යන ක්‍රීඩකයින් ද අයි.පී.එල් තරගාවලිය අරමුණු කර ගනිමින් නිදහස් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් සැන්ට්නර් ද ඔහුගේ අයි.පී.එල් කණ්ඩායම විසින් සිදු කළ ඉල්ලීමක් හේතුවෙන් එක්දින තරගාවලිය සදහා සලකා බලා නැහැ.

ෆින් ඇලන්, ග්ලේන් පිලිප්ස් හා ලොකී ෆර්ගසන් යන ක්‍රීඩකයින් පළමු එක්දින තරගය සදහා පමණක් ක්‍රීඩා කරන අතර, ඉන් අනතුරුව ඔවුන් සංචිතයෙන් ඉවත් වී ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.

ඔවුන් වෙනුවට දෙවැනි හා තෙවැනි එක්දින තරග සදහා මාර්ක් චැප්මන්, හෙන්රි නිකල්ස් හා මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති බෙන් ලිස්ටර් යන ක්‍රීඩකයින් ආදේශ කිරීමට නියමිතයි.

Chad Bowes ද පළමු වරට එක්දින සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විල් යන්ග් හා ටොම් බ්ලන්ඩල් යළි එක්දින සංචිතය සදහා කැදවා ඇති අතර, බ්ලන්ඩල් අවසන් වරට එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ මීට වසර තුනකට පෙරයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා වෙලින්ටන් හී දී ආරම්භ වීමෙන් අනතුරුව මාර්තු 25 වැනිදා එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ඔක්ලන්ඩ් හී දී යි. දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ද, තෙවැනි එක්දින තරගය මාර්තු 31 වැනිදා හැමිල්ටන් හී දී ද පැවැත්වීමට නියමිතයි.

පසුව 20යි 20 තරගාවලිය අප්‍රේල් දෙවැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වනවා. දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් ඩුනේඩින් හී දී හා ක්වීන්ස්ටවුන් හී දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ

ශ්‍රි ලංකාව සමග එළැඹෙන එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කරයි.

New Zealand squad: Tom Latham (c), Finn Allen (ODI 1), Tom Blundell, Chad Bowes, Michael Bracewell, Mark Chapman (ODI 2 & 3), Lockie Ferguson (ODI 1), Matt Henry, Ben Lister (ODI 2 & 3), Daryl Mitchell, Henry Nicholls (ODI 2 & 3), Glenn Phillips (ODI 1), Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young.