නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කිරීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
පළමු තරගයේදී කඩුළු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල වෙනුවට දෙවන තරගයේදී නවක ක්‍රීඩක නිෂාන් මදුෂ්කව කණ්ඩායමට කැඳවීමට නියමිතයි.
ඒ අනුව නිෂාන් මදුෂ්ක දෙවන තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගනු ඇති.
මේ අතර දෙවන ටෙස්ට් තරගයේදී කඩුළු රැකීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරෙනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.