සුවසැරිය දුවන්න සල්ලි නෑ..

ByPasindu

Nov 23, 2022

මුදල් නොමැතිකම හේතුවෙන් ‘සුව සැරිය’ ගිලන් රථ සේවය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සුවසැරිය සේවය වෙනුවෙන් කෝටි 22 ක මුදලක් අත්‍යවශ්‍ වී ඇතැයිද පැවසූ ඔහු එම ගිලන් රථ අලුත්වැඩියා කිරීමටවත් මුදල් නැතැයිද සදහන් කලේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුයේ ‘සුවසැරිය’ ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන බවයි.