එළවළු මිල අඩුවෙයි.

ByPasindu

Mar 14, 2023

යාපනය ප්‍රදේශයෙන් එළවළු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම නිසා එළවළු තොග මිල ගණන් අඩුවී ඇත.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (13) යාපනයෙන් එළවළු කිලෝග්‍රෑම් හැට දහසක් ලැබී තිබේ.

දිවයිනේ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට ගොවීන් රැගෙන එන එළවළු ප්‍රමාණය ද විශාල ලෙස අඩුවී තිබේ.

එමෙන්ම එම මධ්‍යස්ථානවලට පැමිණෙන තොග සහ සිල්ලර වෙළෙඳුන් සංඛ්‍යාව ද අඩුවී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු පැවසූහ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග ගණන් ඊයේ (13) වාර්තා වූයේ මෙසේය.

ඒ අනුව බෝංචි රුපියල් 150, ලීක්ස් රුපියල් 150, කැරට් රුපියල් 100, තක්කාලි රුපියල් 130, රාබු රුපියල් 40, නෝකෝල් රුපියල් 70, ගෝවා රුපියල් 40, අර්තාපල් (යාපනය) රුපියල් 140 සහ අර්තාපල් (නුවරඑළිය) රුපියල් 200 වශයෙන් කිලෝග්‍රෑමයක තොග මිල පැවැතිණි.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පැවැතියේ මෙසේය.

බෝංචි 170-180

බීට්රෑට් 110-120

වම්බටු 140-150

ගෝවා 30-35

අතුගොවා 70-80

මාළුමිරිස් 250-300

කැරට් 70-80

පිපිඤ්ඤා 60-70

අමු මිරිස් 300-320

නෝකෝල් 100-110

ලීක්ස් 120-130

අර්තාපල්
(වැලිමඩ) 180-190

රාබු 30-35

වට්ටක්කා
(මැලේසියන්) 50-60

තක්කාලි 130-140

සලාද 60-70 ලෙස පැවැතිණි.