ගිනි අව්වේ පාසල් දැරියන් විභාගය ලියයි.

ByPasindu

Mar 13, 2023

කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවියන්ට එළිමහනේ අව් රශ්මියේ පීඩා විඳිමින් වාර විභාගයට මුහුණදෙන්නට සිදුවූ පුවතක් අද වාර්තා විය.

අප කළ විමසීමකදී හෙළිවූයේ ගුරු මණ්ඩලය සමග පවතින මත ගැටුමක් හේතුවෙන් විදුහල්පතිවරිය විද්‍යාලයීය ශාලාවක් සිසුවියන් වෙනුවෙන් ලබා නොදී සිට ඇති බවය.

දැඩි අව් රශ්මිය ඉවසා ගැනීමට නොහැකිව ඇතැම් දරුවන් විභාගයට පිළිතුරු සපයන්නේ කුඩ ඔසවාගනිමින් සහ ආරක්ෂක හිස්වැසුම් පැලඳගෙනය.

මව්පියන් පවසන්නේ විභාගය පැවැත්වීමට පහසුකම් ඇති ශාලාවක් පාසල තුළ තිබියදී සිය දරුවන්ට මෙලෙස එළිමහනේ පිඩාකාරී ලෙස පැය ගණනක් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට සිදුවීම මහත් ඛේදනීය තත්ත්වයක් බවය.