මේ දවස්වල පාපන්දු ලෝක කුසලානෙත් එක්ක අන්තර්ජාලයේ හුවමාරු වෙන ගොඩක් ප්‍රසිද්ධ ඡායාරූපයක් තමයි මේ Lionel Messi සහ Cristiano Ronaldo එකට චෙස් අදින පහළ තියන ඡායාරූපය කියලා කියන්නේ.මේ ඡායාරූපෙ දිහා සාමාන්‍ය විදියට බලන කෙනෙක්ට ලෝකයේ ඉන්න හොදම පාපන්දු ක්‍රීඩකයො දෙන්නෙක් තරගයක නිරතවෙනවා විතරක් බලාගන්න පුළුවන් වෙයි. හැබැයි මේ ඡායාරූපයේ ඊට වඩා ලොකු කතාවක් හැංගිලා තියනවා.
ඒ විදියට මීට කලින් තිබුන චෙස් තරගාවලියක අවසාන මහා තරගයේ එක මෙහොතක චෙස් බෝඩ් එකේ ඉත්තො ටික තිබුන විදියටම තමයි මේ ඉත්තො ටිකත් මෙතන මේ දෙන්නා මැද තියලා තියෙන්නේ. මේ චෙස් තරගය ගැන කතා කලොත් 2017 අවුරුද්දේ ලෝකයේ එදා මෙදාතුර හිටපු හොදම චෙස් ක්‍රීඩකයෝ දෙන්නෙක් වෙන මැග්නස් කාල්සන් (Magnus Carlsen) සහ හිකාරු නකමුරා (Hikaru Nakamura) කියන පුද්ගලයන් අතරේ තිබුන චෙස් තරගයේ එක මොහොතක විදියට තමයි ඉත්තෝ ටික හරියටම සකසලා තියෙන්නේ. (ඒ විදිය පහළින් බලාගන්න පුළුවන්) හොදම සහ ලොකුම විශේෂත්වය තමයි මේ 2017 අවුරුද්දෙ තිබුන ඒ චෙස් තරගය ජය පරාජයකින් තොරව අවසාන වුන එක. එහෙම වෙන්නේ මේ චෙස් ක්‍රීඩකයො දෙන්නම සුපිරි නිසානේ.
ඒ නිසාම තමයි මේ Lionel Messi සහ Cristiano Ronaldo අතරත් ඒ තරගයේ මොහොතක තිබුන විදියටම චෙස් ඉත්තො ටික පුවරුවේ තියලා තියෙන්නේ. මොකද ඒ ක්‍රීඩකයෝ දෙන්නා වගේම මේ දෙන්නත් ශ්‍රේෂ්ඨයි. ඔවුන් දෙන්නගේ තරගය ජය පරාජයකින් තොරව අවසාන උනා වගේ මේ ක්‍රීඩකයෝ දෙන්නගෙන් හැකියාවන් එකිනෙකට නොදෙවෙනි වෙන්න තියනවා කියලා තමයි මේ ඡායාරූපයෙන් අපිට නොකියා කියවෙන්නේ.
මේ Lionel Messi සහ Cristiano Ronaldo ඔවුන් දෙන්නගෙම අවසාන පාපන්දු ලෝක කුසලානය.. අපි කාට පෞද්ගලිකව ආස උනත් ඔවුන් දෙන්නම ශ්‍රේෂ්ඨයි.. අසමසමයි..
හැබැයි හොදටම බලන කෙනෙක්ට පුංචි වෙනසක් චෙස් බෝඩ් දෙකේ බලාගන්න පුළුවන්. ඒ වෙනස කලේ ඡායාරූපයේ කලාත්මක බව වැඩි කරන්න කියලත් සදහන් වෙනවා.)
– තොරතුරු අන්තර්ජාලයෙනි –
(සුලෝචන සදකැළුම් පරිවර්තන අයිතිය ✍️)