බණ්ඩාරවෙල පුනාගල කබරගල ප්‍රදේශයේ සිදු වූ නායයෑම නිසා තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුව ලැබේවා.
අධික වර්ෂාවත් සමග බණ්ඩාරවෙල, පූනාගල මකල්දෙණිය ප්‍රදේශයට රාත්‍රී 9ට පමණ වනවිට පැමිණි විශාල ජල පහරක් සමග ගල් සහ මඩ හේතුවෙන් එම ප්‍රදේශ වතු නිවාස රැසකට දැඩි අලාභ හානි සිදුව ඇත.
මෙම හදිසි ආපදා තත්ත්වයෙන් වෙළෙඳ සැලක් හා වතු නිවාස තුනක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත කළ පුද්ගලයින් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන්ව දියතලාව මුලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර මේ වනවිට එම ප්‍රදේශයේ නිවාසවල පුද්ගලයින් 300ක් පමණ පුනාගල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා ඇත.