ගුරුවරියන්ගේ සාරිය ගැලවීමේ අයිතිය උසාවි ගොස් හෝ දිනාගන්නවා..

ByPasindu

Nov 23, 2022

පාසැල් වල ඇතැම් ගුරුවරියන් තමන් සතුව ඇති වෙනත් පහසු ඇඳුම් ඇඳ පාසැල් වලට පැමිණීමට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගතහොත් ඊට විරුද්ධව ඕනෑම පියවරකට යන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසන්නේ ගුරුවරියන් පහසු ඇඳුමක් ඇඳ සේවයට පැමිනෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රයකට අනුව බව බවයි. එම චක්‍රලේඛ අනුව සාරි මෙන්ම පහසු ඇඳුමක් ඇඳගෙන පැමිණීම කිසිදු ගැටළුවක් නැති බවත් පැවසූ ඔහු ගුරුවරියන් අශෝභන විදියට ඇඳුම් පැළැඳගෙන නොඑන බවත් කියා සිටියේය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරුවරියන් මුහුණපා තිබෙන තත්ත්වය පිළිබඳව සැලකිලිමත් නොවී නිල ඇඳුම් සම්බන්ධයෙන් තීරණයක් ගතහොත් අධිකරණයට ගොස් අයිතිය දිනා ගන්නා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

පාසැල් ගුරුවරුන් ගුරුවරියන්ට නිල ඇඳුමක් නියම කර හෝ නිල ඇඳුම් සඳහා අමතර ගෙවීමක් හෝ නොකරන බවත් පැවසූ ඔහු එක්කෝ ඒ සඳහා යම් සාධාරණ මුදලක් ලබා දිය යුතු බව ද යෝජනා කරයි.