රුපියල ශක්තිමත් සමග බස් ගාස්තුවත් අඩු වෙන ලකුණු.

ByPasindu

Mar 14, 2023

ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් වාහන අමතර කොටස් මිල ගණන් මේ මස අග වනවිට අඩුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ටයර්,බැටරි වැනි උපාංගවල මිල ගණන් දැනටමත් යම් මට්ටමකින් අඩුවී ඇති බැවින් එළඹෙන අප්‍රේල් මාසයේදී බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.