විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවය.
කොළඹ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේය.
මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබුණ ද ඊයේ දිනයේ ද සුපුරුදු දෛනික විදුලි කප්පාදුව සිදුකර තිබේ.
විභාගය පැවැත්වෙන පෙබරවාරි මස 17 වනදා දක්වා වන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට පසුගිය දා බලධාරීන් විසින් මානව හිමිකම් කොමිසම වෙත එකඟතාව පළ කර තිබුණි.
කෙසේවුවද ගතවූ දින දෙක තුළ දෛනික විදුලි කප්පාදුව නියමිත පරිදි සිදුකර ඇති බවයි වාර්තා වෙයි.
පැමිණි එකඟතාවන්ට පටහැනිව කටයුතු කරන්නේ නම් මානව හිමිකම් කොමිෂන් සභාවට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහස කිරීමේ වරදට වරදකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවට එම කොමිසම විදුලි බල මණ්ඩලය වෙත ඊයේ දිනයේ දැනුම් දීමක් ද සිදුකළේය.
මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත සිය ස්ථාවරය මේ වන විට දැනුම් දී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ දිනයේ සිට ලබන 17 වැනිදා දක්වා විදුලි කප්පාදුවට අවසර ලබා නොදෙන බවය.