මිතුරෙකු සමඟ බීර පානය කළ වරදට උරණ වී මනාලියක්, මනාලයාගේ කණ සපා කයි

ByPasindu

Jan 27, 2023

විවාහ වී මධුසමය ගතකර පැමිණ තම මනාල සැමියාගේ කන සපා කෑ මනමාලියක පිළිබඳ පුවතක් ගම්පොල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මිතුරෙකු සමඟ ම/ත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් කෝපයට පත්වීමෙනුයි ඇය මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ.

දෙවන ගමන නිමාකර මනාලයාගේ නිවසට පැමිණි මෙම නව යුවළ නිවැසියන් විසින් උණුසුම් අයුරින් පිළිගෙන ඇති අතර, පසු ව මිතුරෙකු සමඟ බීර පානය කර තිබෙනවා.

එයින් කෝපයට පත් මනාලිය ඔහුගේ කන සපා කා පහරදී මංගල මුදුවද මනාලයාට ගලවා දී නැන්දම්මාට සහ මාමන්ඩියටද බැන වැදී ඇයගේ නිවසට ගොස් තිබුණා.

මෙම යුවල වසර 07ක් පෙම්වතුන් ලෙස ගත කිරීමෙන් අනතුරුව යි විවාහ වී ඇත්තේ.