වසරේ විස්සයි විස්ස ක්‍රීඩකයා සූර්යකුමාර් යාදව්

ByPasindu

Jan 26, 2023

වසරේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සම්මානය දිනා ගැනීමට ඉන්දීය ප්‍රහාරාත්මක සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව් සමත්ව තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පසුගිය වසරට අදාළව මෙම නම් කිරීම සිදුකොට ඇත.

එම වසරේදී ඉන්දීයාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සූර්යා විස්සයි විස්ස ශතක දෙකක් හා අර්ධ ශතක 9ක් රැස් කර ගනිමින් ලකුණු 1,164ක් රැස් කරගෙන ඇත.

එය විස්සයි විස්ස පිටියේදී පිතිකරුවෙකු මේ දක්වා වසරකදී වාර්තා කරගෙන ඇති දෙවැනි ඉහළම ලකුණු ප්‍රමාණය වන අතර, පිතිකරුවෙකු අතින් ලකුණු දහසේ සීමාව ඉක්ම වූ දෙවැනි අවස්ථාවද වේ.