මුව ආවරණ භාවිතයේදී කපාටයක් සහිතව නිෂ්පාදනය කර ඇති මුව ආවරණ වර්ගය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා පවසනවා.
කපාටයක් සහිත මුව ආවරණ භාවිතා කරනුයේ කර්මාන්තශාලා වල ප්‍රයෝජනයට බවත් එවැනි මුව ආවරණ භාවිතා කිරීමෙන් කිසිවකුට රෝගය තිබුණහොත් එම කපාට මඟින් විෂබීජ සමාජයට ගලා ආ හැකි බව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරන අතර එම හේතුවෙන් එවැනි මුව ආවරණ වර්ගය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව ඒ මහතා පැවසීය.