2020 IPL සත්කාරත්වයට ශ්‍රී ලංකාව එකඟ වෙයි

985

2020 IPL සත්කාරත්වයට
ශ්රී ලංකාව එකඟ වෙයි

කොරෝනා උවදුර හේතුවෙන් දැනට කල් දමා ඇති මේ වසරේ ඉන්දියානු ප්රිමියර් ලීග් තරගාවලිය (IPL) සඳහා සත්කාරකත්වය සැපයීමට ශ්රී ලංකාව සූදානම් බවට ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය (BCCI) වෙතට දන්වා තිබේ.

මේ වන විට මැයි 3 දක්වා ඉන්දියාව සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර ඉන්දියාවේ Covid – 19 තත්වය එතරම් යහපත් නොවන බැවින් මෙවර IPL තරගාවලිය අත්හිටුවුවහොත් ඉන්දියානු ක්රිකට් පාලක මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් පාඩු විඳීමට සිදු වන බැවින් 2009 දී දකුණු අප්රිකාවේදී පැවැත්වූවා මෙන් වෙනත් රටක IPL තරගාවලිය පැවැත්වීම ඉන්දියානු ක්රිකට් පාලක මණ්ඩලයට වාසිදායක වේ.

ඉදිරි දින කිහිපය තුළ ශ්රී ලංකාවේ Covid – 19 තර්ජනය ලිහිල් වුවහොත් ඉන්දියානු ක්රිකට් පාලක මණඩලය මඟින් ශ්රී ලංකාවේ යෝජනාව පිළිබඳව සොයා බැලීමට ඉඩ ඇති බව සහ මෙම යෝජනාවට ඔවුන් කැමැති වුවහොත්, ශ්රී ලංකා සෞඛ්ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අවශ්ය සියලු පහසුකම් සැපයීමට ශ්රී ලංකාව සූදානම් බවද එසේ IPL තරගාවලිය ශ්රී ලංකාවේ ක්රීඩා කළහොත් එය රටට සහ ශ්රී ලංකා ක්රිකට් ආයතනයට වැඩි මුදල් ප්රවාහයක් ගෙන එනු ඇති බව ශ්රී ලංකා ක්රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතා ප්රකාශ කර ඇත.

© FM & TV Sri Lanka page