IPL හි Dawid Malanගේ තැන Aiden Markram ගනියි

309

තවත් එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉවතට
IPL 2021 තරඟාවලියේ දෙවන අදියර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 15 දක්වා පැවැත්වීමට නියමිතව පවතී.තරඟාවලිය සඳහා සම්බන්ධ වන එංගලන්ත ක්‍රීඩකයින් එංගලන්තයේ සිටින ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟම එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා සංචාරය කිරීමට නියමිතව පවතින නමුත් Jonny Bairstow, Chris Woakes සහ Dawid Malan මෙම කණ්ඩායමේ කොටසක් නොවන බව වාර්තා වේ.ඒ ඔවුන් IPL දෙවන අදියර සඳහා සහභාගී නොවන බව වාර්තා වීමත් සමඟයි.Dawid Malan වෙනුවට මෙවර දකුණු අප්‍රිකානු ක්‍රීඩක Aiden Markram ක්‍රීඩා කරන බව Punjab Kings නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම Sunrisers Hyderabad කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයෙක් වන Jonny Bairstow සහ Delhi Capitals ක්‍රීඩක Chris Woakes ද IPL දෙවන අදියරෙන් ඉවත් කර ඇති බව ආරංචිවනවා.ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව පැවති නමුත් කොවිඩ් අවදානම මත අවලංගු කළ පස්වන ටෙස්ට් තරඟය හා මෙම එංගලන්ත ක්‍රීඩකයන් IPL වලින් ඉවත් වීම අතර යම් සම්බන්ධයක් ඇත්දැයි ප්‍රශ්නාර්තයක් පැන නැගී තිබේ.නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව නිවැරදි තොරතුරක් තවමත් වාර්තා වී නොමැත.