IPL වෙන්දේසිය සදහා තීක්ෂණ හා වියජකාන්ත් ඇතුළු ක්‍රීඩකයන් නවයක්

379

2021 VIVO IPL නොහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නව දෙනෙකුගේ නම් කෙටි ලැයිස්තුව වෙත ඇතුලත් වී තිබෙනවා.

LPL තරගාවලියේ දස්කම් පෑ නවක ක්‍රීඩකයන් වන යාපනයේ විජයකාන්ත් වියස්කාන්ත් හා මහීෂ් තීක්ෂණ මේ අතර සිටීම කැපී පෙනෙනවා.

ලොව වටා ක්‍රීඩකයන් 1114 ගෙන් වූ මුල් ලැයිස්තුව තුලින් අවසාන වෙන්දේසිය සදහා තේරී පත් වුනේ ක්‍රීඩකයන් 292 ක් පමණයි.මේ සදහා ලියාපදිංචි වූ මුළු ශ්‍රී ලංකික ක්‍රීඩකයන් ගණන 31ක්.
අවසාන වටයට තේරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්.

දසුන් ශානක,කුසල් පෙරේරා,තිසර පෙරේරා,ඉසුරු උදාන,දුෂ්මන්ත චමීර,වනිදු හසරංග,කෙවින් කොත්තිගොඩ,මහීෂ් තීක්ෂණ,විජයකාන්ත් වියස්කාන්ත්,

මේ සදහා වූ ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 18 වෙනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වේ