IPL දෙවන අදියරහි තරඟ කාලසටහන නිකුත් වෙයි

204

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙම වසරේ මැයි මස මුලදී තාවකාලිකව නතර කල IPL 2021 හි දෙවන අදියර සඳහා තරඟ කාලසටහන නිකුත් කර තිබෙන අතර පළමු තරඟය මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වීමට නියමිතයි.මෙම තරගය සැප්තැම්බර් 19 දා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.තරඟාවලියෙහි අනෙක් තරඟ සියල්ලද පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි. මෙම දෙවන අදියරෙහි තරඟ 31ක් පැවැත්වීමට නියමිත අතර පළමු අදියරෙහි තරඟ 29ක් පැවැත්වුණි. අවසන් මහා තරඟය ඔක්තෝම්බර් 15 වනදා පැවැත්වීමට නියමිතයි.

මේ වන විට දිල්ලි කැපිටලිස් හි ශිඛර් ධවාන් ඉනිම 8 කදී ලකුණු 380ක් ලබා ගෙන තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පසුවන අතර තරඟ 7 කදී කඩුලු 17 ක් දවාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හි හර්ෂල් පටෙල් වැඩිම කඩුළු ලාභියා වේ. ප්‍රසාද ලකුණු සටහන ගත් කල දිල්ලි කැපිටල්ස් ඉහළින්ම සිටින අතර චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් පිළිවෙලින් 2 වන සහ 3 වන ස්ථාන වල රැඳී සිටියි.