IPL තරගාවලිය සඳහා වනිදු ඇතුලත් කර ගන්න කණ්ඩායම් 04ක් කැමැත්තෙන්

4340

සැප්තැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරිමට සැලසුම් කර ඇති ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ තුන් ඉරියවු ක්‍රීඩක වනිදු හසරංග ගිවිසුම් ගත කර ගැනීමට කණ්ඩායම් කිහිපයක්ම කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් මැයි මාසයේ දී IPL තරගාවලිය අතරමගදි අත්හිටවීමට සංවිධායකයින් පියවර ගනු ලැබුවා.ඒ අනුව තරගාවලියේ සෙසු තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී IPL තරගාවලිය සැප්තැම්බර් 19 වෙනිදා සිට ඔක්තෝම්බර් මස 15 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර IPL තරගාවලියට සම්බන්ධ කණ්ඩායම් දෙකක් සිය ආදේශක ක්‍රීඩකයෙකු ලෙස වනිදු හසරංග ඇතුලත් කර ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන තරගාවලිය සඳහා ඩුබායි බලා නොයන ක්‍රීඩකයින් වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයෙකු ඇතුලත් කර ගැනීමට IPL කණ්ඩායම් සඳහා අවසරය හිමිවනවා.

ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් අවසරය හිමිවන්නේ නම් පමණක් IPL තරගාවලියට ක්‍රීඩා කිරිමට වනිදු හසරංග කැමැත්තන් පසුවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ.

ජගත් ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි 20 අංශයේ පන්දු යවන්න අතුරින් දෙවන ස්ථානයේ පසුවන්නේ වනිදු හසරංගයි.