IPL තරගාවලියට වනිදු මිලදී ගැනීමට ප්‍රභල කණ්ඩායම් දෙකක් සුදානමි

3984

අවසන් වරට පැවති IPL තරගාවලියට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්යබහුල තරග කාලසටහන හේතුවෙන් වෙනත් තරග සදහා ක්‍රීඩකයන්ට අනුමැතිය නොදී ජාතික කණ්ඩායමේ තරගාවලි වලට පමණක් අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කල නිසයි.

එළඹෙන 2022 අයි.පී.එල්. තරගාවලියේදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීදු හසරංග අනිවාර්යයෙන්ම ප්‍රභල ශක්තිමත් කණ්ඩායමක් විසින් මිලදී ගනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඉන්දියාවේ ජනප්‍රිය ක්‍රික් ට්‍රැකර් වෙබ් අඩවියේ පළ වූ ලිපියකට අනුවයි.ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වනිදු හසරංග ‘ලබන වසරේ අයි.පී.එල්. හි පළමු වරට දැකගත හැකි ක්‍රීඩකයෙකු’ ලෙස නම් කර තිබේ.

පසුගිය ජුනි මාසයේදී නිකුත් කළ නවතම ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 5 වන ස්ථානයට පත්ව ඇති වනීදු හසරංගාව අයිපීඑල් බලවත් කණ්ඩායම් වන කොල්කටා නයිට් රයිඩර්ස් හෝ රාජස්ථාන් රෝයල්ස් විසින් මිලදී ගනු ඇති බව එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.