IPL අවසන් වටයේ තරඟ ලංකාවේ පැවැත්වීමේ යෝජනාවක්

458

ඉන්දි­යාවේ කොරෝනා තත්ත්වය තව­දු­ර­ටත් උත්සන්න වුව­හොත් ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් (අයි­පී­එල්) තර­ගා­ව­ලියේ අව­සන් වටයේ තරග ශ්‍රී ලංකාවේ පැවැ­ත්වීම කෙරහි අව­ධා­නය යොමු වී ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩා ඇමැති නාමල් රාජ­පක්ෂ මහතා සඳ­හන් කරන්නේ එවැනි තත්ත්ව­යක් ඇති වුව­හොත් එම අභි­යෝ­ගය භාර ගැනී­මට සූදා­නම් බවයි.

අයි ­පී ­එල් තර­ගා­ව­ලියේ තරග කොරෝනා හේතු­වෙන් ශ්‍රී ලංකාවේ පැවැ­ත්වී­මට යම් යම් අද­හස් මතු­වන බවත් ශ්‍රී ලංකාවේ කොරෝනා පාල­නය යහ­පත් මට්ට­මක පව­තින හෙයින් ඕනෑම තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වීමේ හැකි­යාව පව­තින බවත් ක්‍රීඩා ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

කොරෝනා අර්බුද මැද හම්බ­න්තොට පැවැති ශ්‍රී ලංකා ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලිය,එංග­ලන්ත ටෙස්ට් තර­ගා­ව­ලිය හා දැන් ක්‍රියා­ත්මක බංග්ලාදේශ ටෙස්ට් තර­ගා­ව­ලිය ඉතා සාර්ථ­කව නිමා කිරීමේ හැකි­යාව ලැබූ හෙයින් ශ්‍රී ලංකාවේ අන්ත­ර්ජා­තික තරග පැවැ­ත්වීමේ හැකි­යාව පිළි­බඳ ලෝකයේ බොහෝ රට­වල් විශ්වා­ස­යෙන් පසු වීම මෙයට හේතු වී තිබේ.

උපුටා ගැනිම AR world News 24