2013 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සිටි Dialog 2023 මාර්තුවේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම අතහැර යාමට සැරසේ..
වත්මන් අනුග්‍රාහකත්ව චක්‍රය 2020 දෙසැම්බර් මාසයේ ආරම්භ වූයේ ඔවුන් වසර තුනක කාලයක් සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකෙහිම නිල ජාතික කණ්ඩායම් අනුග්‍රාහකයා ලෙස නව ගනුදෙනුවකට එළඹීමත් සමඟය.
එය 2023 සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ නමුත් ඔවුන් දැන් මාර්තු මාසයේ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව ඉවත් වනු ඇත.
නවසීලන්ත කණ්ඩායම සමග එක්දින හා විස්සයි විස්ස තරගාවලි සදහා අනුග්‍රාහකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් සොයමින් සිටි..“රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් සමාගම දුෂ්කර අවධියකට ගමන් කරන බව අපට වැටහෙන අතර ඔවුන්ගේ තීරණයට අපි ගරු කරමු.
ඔවුන් වසර 10 කට ආසන්න කාලයක් අප සමඟ සිට ඇති අතර වසර ගණනාවක් පුරා ඔවුන් කළ කැපවීමට අපි කෘතඥ වෙනවා” ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.වත්මන් ආර්ථික අර්බුදය, කණ්ඩායමේ උදාසීන දස්කම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැරදි ලෙස මුදල් පරිහරණය කිරීම වැනි කරුණු මෙසේ ඉවත් වීමට හේතු වූ බව ද වාර්තා වේ…-TheSundau Times