ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක් 

ByPasindu

Nov 24, 2022

ලෝක පාපන්දු පිටියේ මේ වනවිට සිටින ජනප්‍රියතම තරුව වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක් පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රොනාල්ඩෝට එරෙහිව දේශීය පාපන්දු තරග දෙකක තහනමක් පැනවීමටයි පෘතුගාල පාපන්දු බලධාරීන් කටයුතු කර ඇත්තේ.

දේශීය තරගයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකථනයකට පහරදී හානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට මේ වනවිට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

එම චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම තහනම පැනවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම තහනම ලෝක කුසලාන තරගාවලියේ ඔහුගේ සහභාගීත්වයට බාධාවක් නොවන බව සඳහන්.

මේ අතර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැර යාමට ගත් තීරණය පිළිබඳව මේ වනවිට පාපන්දු ලෝකයේම කතාබහට මතුව තිබෙනවා.

රොනාල්ඩෝගේ මෙම තීරණයත් සමඟ ඔහුව සිය කණ්ඩායම වෙත එක්කර ගැනීමට ඇතැම් කණ්ඩායම් මේ වනවිටත් සැලසුම් සකස්කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ.

මේ අතර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම අද (24) රාත්‍රියේ ඝානාවට එරෙහිව ලෝක කුසලාන තරග බිමට පිවිසීමට නියමිතයි.