ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හට එංගලන්තයෙන් ආරාධානාවක්..

477

එංගලන්ත County Championship 2021 තරගාවලියේ අගෝස්තු 30 ඇරඹෙන Division Stage තරග වටය සඳහා ‘Nottinghamshire’ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කර තිබේ.

Nottinghamshire කණ්ඩායම මෙවර County Championship 2021 තරගාවලියේ Group Stage හීදී Group 1 යටතේ තරග වදින අතර ඒ යටතේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා Somerset කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.