BREAKING NEWS
Search

CIDය අලුත් කරන්න චමල් පරණ අය ගෙන්වයි

72

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාමගොස් සිටින දක්ෂ නිලධාරීන් පිරිසක් යළි සේවයට බඳවා ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීර්තිමත් ආයතනයක් වන අතර එහි දක්ෂ නිලධාරීන් පිරිස් සිටි ස්ථානයක් බවද විශ්‍රාම ගොස් සිටින එවැනි නිලධාරීන්ගේ සේවය තවදුරටත් අවශ්‍ය බවද ඇමතිවරයා කීවේය.

විශ්‍රාම ගොස් සිටින එම දක්ෂ නිලධාරීන් සේවයට කැඳවීමට ඉදිරියේදී නියමිත බවද චමල් රාජපක්ෂ මහතා කීවේය